Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

දිවයින පුරා පාසල් ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව 2025 පෙබරවාරි මස 20 දින ඉලුක්ඕවිට කනිෂ්ඨ විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා පිහිටි පාසල් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් 2025 පෙබරවාරි මස 20 දින ඉළුක්ඕවිට, බප/හෝ ඉළුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීය සහ පාසල් ගීය ගායනා කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්විය. එම විද්‍යාලීය විදුහල්පති වසන්ත උදයසිරි මහතා විසින් පිළිගැනීමේ කථාව පවත්වමින් මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව පැහැදිළි කළේය. ඉන් අනතුරුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම භාවිතා කරමින් සිදුකරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මුල්ගල තැබීය.