Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 20 දින පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී. ආර් පතිරවිතාන USAWC psc ගේ අධීක්‍ෂණය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දින පාසල් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන ලදී.