13 වන ආරක්‍ෂක සේවා මාර්ග ධාවන තරඟය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP ගේ අධීක්‍ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්‍ෂක සේවා මාර්ග ධාවන තරඟය - 2024/2025 පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී 2025 මාර්තු මස 23 දින පැවැත්විණි.

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකරගත් ජයග්‍රහණයන් සහ දිනාගත් පදක්කම් පහතින් දැක්වේ.

මාර්ග ධාවන තරඟය

•රන් පදක්කම (පිරිමි කාණ්ඩය) - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආධුනික සෙබල එම්.ඒ.එස් ප්‍රනාන්දු

•රන් පදක්කම (කාන්තා කාණ්ඩය) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.සී.එස් හේරත්

ඇවිදීමේ තරඟය

•රන් පදක්කම (පිරිමි කාණ්ඩය)- ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එස්.ආර් හේරත්

•රන් පදක්කම (කාන්තා කාණ්ඩය) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල පී.බී ගයානි