11th February 2025
සන්කුවික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය - 2025 සඳහා සහභාගි වී විශිෂ්ඨ දක්ෂතා දක්වමින් එම තරඟාවලියේ පිරිමි විවෘත කාණ්ඩයේ ශූරතාවය ඇතුළු ශූරතා කිහිපයක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූහ. මෙම තරඟාවලිය 2025 ජනවාරි මස 31 සිට පෙබරවාරි මස 02 දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති අතර, දිවයින පුරා කණ්ඩායම් 160 කට අධික සංඛ්‍යාවක් තරඟාවලිය සඳහා සහභාගි වූහ.
තරඟාවලියේ අවසන් මහා තරඟයේදී, පිරිමි විවෘත කාණ්ඩයේ සුවිශේෂී දක්ෂතා දක්වමින් යුද්ධ හමුදා ‘බී’ කණ්ඩායම, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව තරඟ 2-0 (21 - 15, 21 - 16) ක් ලෙස ජයග්‍රහණය හිමිකරගත්හ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් හතක් තරඟාවලිය සඳහා සහභාගි වූ අතර, විවිධ කාණ්ඩයන් ඔස්සේ ඔවුන් ජයග්‍රහණ හිමිකරගත්හ:
පිරිමි විවෘත කාණ්ඩය
ශූරතාවය - යුද්ධ හමුදා ‘බී’ කණ්ඩායම
දෙවන අනුශූරතාවය - යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම
තෙවන අනුශූරතාවය - යුද්ධ හමුදා ‘සී’ කණ්ඩායම
පිරිමි 25 න් පහළ කාණ්ඩය
දෙවන අනුශූරතාවය - යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම