13 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ අනුශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 13 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය 2025 අප්‍රේල් මස 11 දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අවසන් මහා තරඟයේදී, ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ශූරතාව හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම විසින් එහි අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.