ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc වෙත ගෞරවාචාර දැක්වීමේ උත්සවයක් 2025 ජුනි මස 24 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි බලකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන් අනතුරුව, නිලධාරින් සහ භටපිරිස් ආමන්ත්‍රණය කළ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම සේවා කාලය තුළ දැක්වූ කැපවීම සහ වෘත්තීමයභාවය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

පසුව, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය අතරතුරදී, ධුරයෙන් නික්ම යන බලකාධිපති සියලු නිලයන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වූහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින රාත්‍රියේදී සමුදීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.