2nd July 2025
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 28 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනීසිටි එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රෙජිමේන්තු භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.