ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 22 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc 2025 ජුනි මස 30 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකළ රෙජිමේන්තු අධිපති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.