26th February 2024 12:19:15 Hours
යාපනය කන්කසන්තුරේ ඓතිහාසික මුත්තුමාරි අම්මාන් කෝවිලේ සාම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යය සහ පූජාව කන්කසන්තුරේ වෙරළ තීරයේදී 2024 පෙබරවාරි මස 24 දින පැවැත්විණි. යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් වැසියන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 51 පාබල සේනාංකයේ භටපිරිස් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය උපදෙස් හා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා භටපිරිස් මෙම උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා සිය දායකත්වය දැක්වූහ.