25th February 2024 15:20:49 Hours
561 පාබල බලසේනාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පුලියන්කුලම් ආයුර්වේද රෝහල සමඟ ඒකාබද්ධව පෙබරවාරි මස 22 දින 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී පුලියන්කුලම්, කුරිසුද්දකුලම් ගම්මානයේ සිවිල් වැසියන් වෙනුවෙන් ‘සිද්ධා ආයුර්වේද’ නමින් වෛද්‍ය සායනයක් පැවැත්විණි.
මෙහිදී, එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 61 දෙනෙකු වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් වෙත කෙටි ආහාර පාන ඇතුළත් පාර්සල් ද බෙදාදුන්හ.
561 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජී.ඒ. මාලන්දෙණිය ආර්එස්පී ගේ මඟපෙන්වීම මත මෙම වෛද්‍ය සායනය සංවිධානය කෙරිණි.