Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2024 12:52:28 Hours

මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී ‘ගෝලීය මානව සම්පත් නායකත්ව සම්මානයෙන්’ පිදුම් ලබයි

මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී 2024 වර්ෂය සඳහා වන ගෞරවනීය ‘ගෝලීය මානව සම්පත් නායකත්ව සම්මානයෙන්’ පිදුම් ලැබීය. ඉන්දියාවේ, මුම්බායිහිදී 2024 පෙබරවාරි මස 15 දින පැවති ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ 32 වන සංස්කරණය අතරතුර පැවති ‘Global HR Excellence’ සම්මාන උළෙලේදී මෙම සම්මානය එතුමන් වෙත පිරිනැමිණි.

ජූරි සභාවේ සහ ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ උපදේශක මණ්ඩලය විසින් පිරිනමනු ලබන මෙම සම්මානය, ජාත්‍යන්තර මට්ටමින් මානව සම්පත් සංවර්ධනය සහ නායකත්ව කුසලතා සඳහා දක්වන සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක්කරමින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී වෙත පිරිනැමිණි. රටවල් 126 ක් නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ හරවත් අදහස් ඉදිරිපත් කරනු ලැබූ විද්වතුන් රැසක් මෙම සම්මේලනයට සහභාගී වූහ.

තවද, සමස්ථ ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්පත් කර දෙමින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී සිව්වන වරටත් මෙම සම්මානය හිමිකරගනිමින් ජාතික ආරක්‍ෂක පරිපාලනය සබැඳිව එතුමන් සතු දැනුම, ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය, මානව සම්පත් සංවර්ධනය සහ නායකත්වය පිළිබිඹු කරයි.