Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2024 13:53:36 Hours

මැදවච්චිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන රත්න හපන්ගම මහතාගේ අනුග්‍රාහකත්වය මත අංක 54, හීරළුගම, පඩික්ගම, මැදවච්චිය ලිපිනයේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව නිවස 2024 පෙබරවාරි මස 17 දින පැවති උත්සවයකදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් විවෘත කරන ලදී.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී. මලවිආරච්චි මහත්මියගේ ඉල්ලීමකට අනුව 21 පාබල සේනාංකයේ භටපිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.