Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2024 15:58:56 Hours

223 පාබල බලසේනාවේ භටපිරිස් ‘සහන සෙවණ’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

223 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ භටපිරිස් විසින් පෙබරවාරි මස 02 දින සේරුවාවිල ‘සහන සෙවණ’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

223 පාබල බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.