Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th February 2024 11:29:43 Hours

කර්නල් ඩී.ඩී.ඩී. සේරසිංහ විසින් රචිත ‘යුග යුග’ ග්‍රන්ථය එළිදැක්වේ

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩී.ඩී.ඩී. සේරසිංහ විසින් රචිත ‘යුග යුග’ ග්‍රන්ථය පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 09) දින මාධ්‍ය කේන්ද්‍රයේදී එළිදැක්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික) සහභාගී විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ අනුමැතිය සහ මඟපෙන්වීම මත මෙම ග්‍රන්ථය එළිදැක්විණි.

උත්සව අවස්ථාව සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සම්භාවනීය අමුත්තන් විසින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වූහ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසින් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූ අතර කථිකාචාර්ය අජිත් ක්‍රිෂාන්ත සේරම් මහතා ග්‍රන්ථය පිළිබඳ හැඳින්වීමක් කරනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින් කර්නල් ඩී.ඩී.ඩී. සේරසිංහ සමඟ එතුමන්ගේ පෞද්ගලික අත්දැකීම් සහ මානුෂීය මෙහෙයුම් සමයේදී පවා එතුමන් සතු වූ සාහිත්‍යමය හැකියාවන් පිළිබඳ ඇගයිමට ලක්කළේය.

අනුරාධපුර රාජධානියේ මහා කළු සිංහයා ලෙසින් හැඳින්වූ වළගම්බා රජුගේ ජීවිත කථාව සහ එතුමන් සතු නායකත්ව ගුණාංගයන් සබැඳිව මෙම ‘යුග යුග’ ග්‍රන්ථයේ අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය තුළින් රජතුමන්ගේ දාර්ශනික ප්‍රවේශය ගවේෂණය කරනු ලබන අතර එතුමන් සතු දැනුම සහ හැකියාවන් වත්මන් යුදමය ප්‍රවේශයන්ට වූවද යොදාගත හැකි බව එතුළින් මනාව පැහැදිළි කෙරේ.

ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.