Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2024 20:39:53 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවෙයි

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) 2024 පෙබරවාරි මස 09 දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ ද්වීපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ. දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර සුහදත්වය සහ සහයෝගීතාවය ශක්තිමත් කරමින් මෙම සුහද හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පුහුණු වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම, ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීම, උපදේශකයින් හුවමාරු කරගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදි සාකච්ඡා කෙරිණි.

සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.