Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2024 15:33:10 Hours

523 පාබල බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

76 වන නිදහස් දිනයට සමගාමීව 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 523 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04 ) දින 7 විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එහි දී යාපනය ශික්‍ෂණ රෝහලේ ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය සහ යුද්ධ හමුදා නිලධාරීන් හා සෙසුනිලයින් ඇතුළු 100 දෙනෙකුට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. වැඩසටහන අවසානයේදී සහභාගී වුවන් හට චාවකච්චේරියේ නාවට්කුලි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හා ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රාහකත්වයෙන් කෙටි ආහාර වේලක් ලබා දෙන ලදී.