05th February 2024 19:48:59 Hours
දියතලාවේදී පැවති අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2023, ජයග්‍රහණය කරනු ලැබූ කාලතුවක්කු හමුදාවේ කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොඩ්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පැවැත්විණි.
උත්සවයේදී එතුමන් විසින් රෙජිමේන්තු වෙඩි තැබීමේ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකු වෙතම ඇගයීමේ සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී. මෙමගින් තම රෙජිමේන්තුව සඳහා සුවිශේෂී කැපවීම සංකේතවත් කරන අතර, රෙජිමේන්තු කණ්ඩායමේ කැපී පෙනෙන දායකත්වයත් තරඟාවලියේදී ඔවුන් දැක්වූ විශිෂ්ට දක්‍ෂතාවයත් පෙන්නුම් කරයි.