Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2024 19:46:03 Hours

ජර්මානු තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශකයින් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දියාව, නේපාලය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා ඇති ජර්මනියේ තානාපති කාර්යාලයේ රාජකාරි භාරගනු ලැබූ ආරක්‍ෂක උපදේශක කර්නල් ක්ලවුස් මර්කල් (Colonel Klaus Merkel) සහ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඈන්ඩේ නීඩෆර් (Lieutenant Colonel André Niedhoefer ) පසුගිය සඳුදා (පෙබරවාරි මස 05) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නවතමයෙන් පත්වීම් ලද ආරක්‍ෂක උපදේශකවරුන් වෙත සිය සුභ පැතුම් එක්කල අතර, අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් ත්‍රිවිධ හමුදාවන් අතර පවතින සුහදතාවය, සහයෝගීතාවය සහ අවබෝධය පිළිබඳව වූ පොදු කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ලැබීය.

මෙරට යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව මෙන්ම විවිධ හුවමාරු වැඩසටහන් සඳහා දෙරටේ සන්නද්ධ හමුදාවන්ගේ සහභාගීත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළහ.

සුහද හමුව අවසානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදත්වය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක උපදේශකවරුන් අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.