06th February 2024 09:15:31 Hours
582 පාබල බලසේනාවේ භටපිරිස්හි සහය ඇතිව හොරණ, වවුලගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 50 දෙනෙකු වෙත සහ එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු හමුදා සහ සිවිල් සේවක සාමාජිකයන්ගේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ සුභසාධන වැඩසටහනක් 582 පාබල බලසේනා පරිශ්‍රයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 25) දින ක්‍රියාත්මක කරනු ලැබූහ.
582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත වෛද්‍ය ජිනංජලා ශානිකා විජේගුණසේකර මහත්මියගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.
මෙහිදී, 2024 අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදාදීම සිදුකරනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ පරිත්‍යාගශීලීන් නියෝජනය කරමින් ආචාර්ය ජිනංජලා ශානිකා විජේගුණසේකර, රවී පෙරේරා, කව්ෂල්‍යා තිලකරත්න, උදුල සේලකර සහ ධනුෂ්කා වීරසිංහ යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.