01st February 2024 10:17:15 Hours
දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මජනතාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (පෙබරවාරි මස 1) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.
ඒ අනුව ජාතික රෝහල කොළඹ, ජාතික අක්ෂි රෝහල, ජාතික වෛද්‍ය දන්ත රෝහල (ශික්ෂණ) කොළඹ, මූලික රෝහල හෝමාගම, කළුබෝවිල ශික්ෂණ රෝහල, මූලික රෝහල මීරිගම, දිස්ත්‍රික්ක මහ රෝහල අවිස්සාවේල්ල, ශික්ෂණ රෝහල කුරුණෑගල, මූලික රෝහල මාරවිල, මූලික රෝහල දංකොටුව, අංගොඩ රෝහල, මුලික රෝහල අංගොඩ (අයි.ඩී.එච්), අංගොඩ නැගෙනහිර රෝහල, මූලික රෝහල අතුරුගිරිය, මූලික රෝහල නවගමුව, නෙවිල් ප්‍රනාන්දු රෝහල, මූලික රෝහල බණ්ඩාරගම, මූලික රෝහල බලංගොඩ, මූලික රෝහල ඇහැලියගොඩ, ශික්ෂණ රෝහල කෑගල්ල, ශික්ෂණ රෝහල මාතර, ශික්ෂණ රෝහල කරාපිටිය, මූලික රෝහල උඩුගම, මහ රෝහල මොනරාගල, ශික්ෂණ රෝහල හම්බන්තොට, මූලික රෝහල දෙබරවැව සහ මූලික රෝහල දෙහිඅත්තකණ්ඩිය, අනුරාධපුර ශික්ෂණ රෝහල, මැදවච්චිය රජයේ රෝහල, කැකිරාව රජයේ රෝහල, පදවිය රජයේ රෝහල, කහටගස්දිගිලිය රජයේ රෝහල, හම්බන්තොට මහ රෝහල, බදුල්ල මහ රෝහල, දියතලාව මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ මහනුවර මහ රෝහල යන රජයේ රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත
ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්ෂණය මත මේවන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ භටපිරිස් යොදවා ඇති අතර හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍ය භට පිරිස් සූදානම් කර ඇත.