Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 20:08:48 Hours

මෝටර් රථ හා ධාවන පැදි ජාතික ශූරතා සම්මාන උළෙල - 2023, හිදී යුද්ධ හමුදා ක්‍රීඩකයන්ට ගෞරවාචාර

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය, ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය (SLARDAR) විසින් සංවිධානය කරන ලද ‘Nippon Paint - Car and Racing National Championship Awards Ceremony - 2023’ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරී නිවස්නයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පැවැත්වීය.

උත්සවයේදී පසුගිය වසර තුළ සුවිශේෂී දස්කම් දැක්වූ යුද්ධ හමුදා ධාවන පැදි ක්‍රීඩකයින් 04 දෙනෙකු සඳහා ජාතික ශූරතා 05 ක් පිරිනැමිණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ.

ඔවුන්ගේ දක්‍ෂතා පහත පරිදි වේ:

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්. ඒ කුමාරසිංහ

 MX - Standard 250 cc අංශයේ ජාතික ශූරතාවලිය

 MX - Racing 250 cc අංශයේ ජාතික ශූරතාවලිය

 2023 වසරේ හොඳම ධාවන පැදි ක්‍රීඩකයා සඳහා වූ සම්මානය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් බී.අයි මධුරංග

 SM - Super Motard 250/450 cc අංශයේ විවෘත ජාතික ශූරතාව

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් කේ.ඩී.ආර් ජයෂාන්

 MX - Standard 125 cc අංශයේ ජාතික ශූරතාවලිය

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල ටී.කේ.ආර්.එන්.එස් කුමාර

 MX- Racing 125 cc අංශයේ ජාතික ශූරතාවලිය