23rd January 2024 17:26:50 Hours
ගැමුණු හේවා බළකායේ සිවිල් සේවකයින් 50 දෙනෙකු සඳහා ගැමුණු හේවා බළකා සේවා වනිතා ශාඛාව විසින් වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20 ) දින රෙජිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ගැමුණු හේවා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මිය සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්,නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි විය.