28th January 2024 15:44:24 Hours
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 593 සහ 681 පාබල බලසේනාවල භට පිරිස් විසින් මෙම තරඟය සංවිධානය කරන ලදී. 68 පාබල සේනාංකයේ භට පිරිස් හි ක්‍රීඩාශීලිත්වය, සුහදතාවය වර්ධනය කිරීම හා විනෝදාස්වාදය වෙනුවෙන් මෙම තරඟාවලිය පසුගිය අගහරුවදා (ජනවාරි මස 23) දින පුදුමාතලන් කලපුවේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
ඒක පුද්ගල, ද්විත්ව, ත්‍රිත්ව සහ ප්‍රදර්ශන ඉසව් ලෙස කාණ්ඩ හතරකින් ක්‍රීඩකයන් තරග වැදුනු අතර, ජයග්‍රාහකයන් උදෙසා කුසලාන සහ මූල්‍යමය දිරි දීමනා ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රදානය කෙරිණි.
68 පාබල සේනාංකය ඒක පුද්ගල ඉසව්වෙහි ද,9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව ද්විත්ව ඉසව්වෙහි ද, 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව ත්‍රිත්ව ඉසව්වෙහි ද, ජයග්‍රහණ හිමිකරගැනීමට සමත් විය.
ඔරු පැදීමේ තරඟය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මරදමඩුකුලම් වැවේ දේශීය ධීවර සමිතිය විසින් ඔරු සහ හබල් ප්‍රධානය කරමින් තරඟය සාර්ථක කරගැනීම සදහා ඔවුන්ගේ සහයෝගය ලබාදෙන ලදී.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.