25th January 2024 18:24:41 Hours
‘60 වන ජාතික ජූඩෝ ශූරතාවලිය’ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 ජනවාරි මස 12 සහ 13 දෙදින තුළ දිවයින පුරා කණ්ඩායම් 54 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 480 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම තරඟාවලියේදී, යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනාගනිමින් පිරිමි කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්වූහ. එමෙන්ම, යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් හිමිකරගනිමින් කාන්තා කාණ්ඩයේ ශූරතාවය ද දිනාගත්හ. මෙම කාණ්ඩයන් දෙකෙහිම අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් වෙතින් දිනාගත්හ.
කෝප්‍රල් ඩබ්ලිව්.එල්.ඒ.එච්. ඉමේෂා දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර කාන්තා විවෘත කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ද යුද්ධ හමුදා කාන්තා කණ්ඩායමට හිමිවිය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය. තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද එක්ව සිටියහ.