Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2024 07:56:25 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා ඉතිහාසය අලුත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂූට් භටයෙකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර 2024 ජනවාරි මස 22 දින සිය දක්‍ෂතා විදහා දැක්වූයේය.

යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සාමාජිකයින් 18 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 14 දෙනෙකු උහන ගුවන් හමුදා කඳවුරෙන් එම්අයි - 17 හෙලිකොප්ටර් යානයකින් ගුවන්ගත වී පැරෂූට් පැනීම් සිදුකළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ ගුවන් මෙහෙයුම් සඳහා නිර්මාණය කර ඇති පුහුණු පෙදෙසේදී මෙම පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබීය. ක්ෂේත්‍රයේ පළපුරුදු අත්දැකීම් වලින් පරිපූර්ණ උපදේශක මඩුල්ලක් වන මේජර් වසන්ත දිසානායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, සැරයන් ටී.ජී.එච්. සුදේශ් කුමාර සහ කෝප්‍රල් එස්.එස්.යූ.කේ. සූරියගේ ගේ මෙහෙයවීමෙන් මෙම පුහුණු පාඨමාලාව සාර්ථක සිදුකෙරුණු අතර ඔවුන්ගේ කුසලතා හා ශිල්පීය ක්‍රම තුළින් යුද්ධ හමුදාධිපතිතුමන්ට ප්‍රවීණ හමුදා පැරෂුට් භටයෙකු බවට පත්වීමට හැකිවිය.

කාර්යක්‍ෂමතාවය සහ විශිෂ්ඨත්වය සහතික කරමින් නියමිත කාලසීමාව තුළ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් ශානක රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරි බ්‍රිගේඩියර් අනුජීව බාලසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි පීඑස්සී, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් සේනාවිධායක කර්නල් චමින්ද කරුණාරත්න ආර්ඩබ්ලිව්පි, එම පුහුණු පාසල් පැරෂුට් පුහුණු අංශයේ ප්‍රධාන උපදේශක මේජර් නලින් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි පීඑස්සී සහ සහයක පිමි පන්නවන්නා මේජර් සමීර විදානගමගේ පීඑස්සී විසින් ලබාදුන්හ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී (දෙවරක්), වීඑස්වී, යූඑස්පී, එම්එස්සී (එම්ඕඒ) ඇමරිකා එක්සත් ජනපදය, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්ඒ අයිඑස් සහ එස් (එක්සත් රාජධානිය), බීඑස්සී (ආරක්‍ෂක අධ්‍යයන), එම්අයිඑම් (ශ්‍රී ලංකා), ඒඑම්අයිඊ (ශ්‍රී ලංකා), ආර්සීඩීඑස්, පීඑස්සී සහ අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ලලිත් සුගතදාස යූඑස්පී, එම්එස්සී (ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයන), පීජී ඩිප්ලෝමා (ආරක්‍ෂක කළමණාකරණ), පීඑස්සී ගේ සහයෝගය මත යුද්ධ හමුදාධිපතිතුමන් මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරීය. එමෙන්ම, අම්පාර පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් විජිත ගෝමිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ලබාදුන් මඟපෙන්වීම සහ පුහුණු ක්‍රමවේදයන් හමුවේ පාඨමාලාව සාර්ථක කරගැනීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හැකිවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් උහන ගුවන් හමුදා කඳවුරේදී යුද්ධ හමුදාධිපතිතුමන් පැරෂුට් භටයෙකු වශයෙන් සුදුසුකම් ලැබීම පුද්ගලික ජයග්‍රහණයක් නොවන අතර ඒ තුළින් ආදර්ශවත් හමුදා නායකත්වය මෙන්ම නොසැලෙන කැපවීම සංකේතවත් කරයි.

ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ලුතිනන් ජෙනරල් නිලය දරමින්, යුද්ධ හමුදාධිපතිවරයෙකු ලෙස රාජකාරි කරන අතරතුර පුහුණුව ලබා, සක්‍රිය සේවයේ යෙදී සිටියදී එම සුදුසුකම සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා මෙන්ම මෙරට යුද්ධ හමුදා ඉතිහාසයේ පැරෂුට් පැනීමක් සිදුකළ පළමු යුද්ධ හමුදාධිපතිවරයා ලෙසත් සංග්‍රාමික පැරෂුට් ඉසව්වකට සහභාගී වී සාර්ථකව පැනීම් සිදුකළ වයසින් ජ්‍යෙෂ්ඨතම යුද්ධ හමුදා නිලධාරියා ලෙසත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉතිහාසයට එක්වෙයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මෙම විශිෂ්ඨ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෙඩෙට් නිලධාරින්, අධිකාරියට පත්වන තරුණ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නංවන අතර, ඔවුන්ගේ හමුදා දිවියේ නව අදියරකට එළඹීමට ද ඔවුන් දිරිමත් කරනු ඇත.

මෙම පැරෂූට් පාඨමාලාව සාර්ථකව අවසන් කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ද එක්විය.

ගුවන් සංග්‍රාමික හමුදාවන්හි අත්‍යවශ්‍ය භටයින් ලෙස සැලකෙන හමුදා පැරෂුට් භටයන් ගුවන් මෙහෙයුම් සඳහා විශේෂයෙන්ම පුහුණු වූවන් වේ. දෙවන ලෝක සංග්‍රාමයේ සිට පුළුල් ලෙස සේවයේ යෙදී සිටින මොවුන් උපායමාර්ගිකව පැරෂුට් පතිත කරවීම ඔස්සේ විෂ්මිත ප්‍රහාර ක්‍රියාත්මක කිරීමේ සහ ගුවන් පෙදෙස් සහ පාලම් වැනි විශේෂ ස්ථානයන්හි උපායමාර්ගිකව මෙහෙයුම් දියත් කිරීමට සුවිශේෂී ප්‍රවීණතාවයක් ලබා ඇත. බහුකාර්ය හමුදා පැරෂුට් භටයින්, හමුදාවන්හි බලය පැහැදිලිව පෙන්නුම් කරන අතර මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ද ඉහළම මට්ටමින් පෙන්නුම් කරයි. මේ අනුව, ඕනෑම ජාතියක සන්නද්ධ හමුදාවන් සඳහා පැරෂුට් භටයින් ඉහළම ප්‍රමිතීන්ට අනුව පුහුණු කිරීම අත්‍යවශ්‍ය වේ.