22nd January 2024 20:03:47 Hours
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ‘සෙබල මනස සංවර්ධනය’ යන තේමාව ඔස්සේ දේශන මාලාවක් සංවිධානය කරන ලදී.
2024 ජනවාරි මස 16, 17 සහ 18 තෙදින තුළ පැවති මෙම දේශන මාලාව සඳහා 54 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරින් 35 දෙනෙක් සහ සෙසුනිලයන් 413 දෙනෙක් සහභාගී වූහ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්. චන්ද්‍රිකා රාජපක්‍ෂ මහත්මියගේ මෙහෙයවීමෙන් පැවති මෙම දේශනයේදී සේවා ස්ථානයන්හිදී ඇතිවන ආතතිය කළමනාකරණය, රැකියාව සහ පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීම, මූල්‍ය දුෂ්කරතා කළමනාකරණය කිරීම සහ සමාජ විරෝධී සහ නීති විරෝධී කටයුතුවල නියැලීමේ ප්‍රතිවිපාක යන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණී.