29th December 2023 20:53:27 Hours
නව ක්‍රීඩා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජී.ඒ.ටී. ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් සියළු යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු ලේකම්වරුන්ව දෙසැම්බර් මස 21 සිට 23 දන දක්වා කාලය තුල අධ්‍යක්‍ෂක කාර්යාලයේදී ඔවුන්ව ඇමතීය.
එතුමන් යුද්ධ හමුදාවේ ක්‍රීඩා වල අනාගතය,තම දැක්ම, මෙහෙවර සහ අපේක්ෂාවන් විස්තර කළ අතර යුද්ධ හමුදා ක්‍රීඩා සංචිත සඳහා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී ගතයුතු ක්‍රියාමාර්ග වල වැදගත්කම ගැන අවධාරණය කළේය.
කමිටු ලේකම්වරු 2024 වර්ෂය සඳහා සැලසුම්කරන ලද පුහුණු කාලසටහන් සහ මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන ලදී. තවද,යුද්ධ හමුදා ක්‍රීඩා සංචිතයේ ප්‍රායෝගික ගැටළු, අදහස් සහ අවශ්‍යතා සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළහ.