Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2023 21:12:47 Hours

බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 85 සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 85 (2023/II) හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සෙනසුරාදා (23) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පී සහභාගී විය.

මාස 3 ක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා ශිෂ්‍ය නිලධාරීන් 28 දෙනෙකු සහභාගී වූ අතර පාඨමාලාවේ ප්‍රථම ස්ථානය කුසලතා අනුපිළිවෙලින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් ඩී.එන්. විජේසූරිය ට හිමිවිය. සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් ද සහභාගි වූහ.