23rd December 2023 14:46:52 Hours
උඩදුම්බර කොට්ඨාශයේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරිනී ඩබ්ලිව්. එම්. එල්. ආර් වීරසේකර මහත්මිය විසින් ‘සිත කය සනසන යෝග' යන තේමාව යටතේ දේශනයක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින 11 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්වූ අතර, ඒ සඳහා එම සේනාංකයේ හමුදා සාමාජිකයින් 53 දෙනෙකු සහභාගී වූහ.
11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත මනස සහ ශරීරය සුවපත් කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වාදීමේ අරමුණින් මෙම දේශනය පවත්වනු ලැබූහ.