Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2023 18:53:59 Hours

යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ උපදෙස් මත සුරංග ලියනගේ මහතා සහ මයුරි ලියනගේ මහත්මිය ගේ මූල්‍යමය දායකත්වයෙන් එම බලකායේ කාන්තා සෙබලියකගේ රෝගී තත්ත්වයෙන් පෙලෙන දියණියක් වෙත රු:63,850.00 ක වටිනාකමකින් යුත් රෝද පුටුවක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින පරිත්‍යාග කරන ලදී.

එහීදී, මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය කිරිපිටි පාර්සල් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක්ද සිදුකරනු ලැබිණි.