Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2023 19:17:25 Hours

යුද්ධ හමුදා භටපිරිස් අලිමංකඩ - කයිතඩි මාර්ගය දෙපස පිරිසිදු කරයි

ලෝක පාංශු දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 සහ 523 පාබල බලසේනාවන්හි භටපිරිස් විසින් අලිමංකඩ සිට කයිතඩි දක්වා ඒ9 මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය ද හිමිවූහ.