07th December 2023 19:24:49 Hours
ශ්‍රී ලංකා ජාතික බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි. කුමාර පසුගිය සඳුදා (දෙසැම්බර් මස 4) දින පැවති ‘Qatar IWF Grand Prix -2023’ තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්විය.
‘Qatar IWF Grand Prix -2023’ තරඟාවලිය දෙසැම්බර් මස 2 දින ආරම්භ වූ අතර, එම තරඟාවලියේ අවසන් මහා තරඟය දෙසැම්බර් මස 14 දින කටාර් රාජ්‍යයේ දෝහාහිදී පැවැත්වීමට නියමිතව ඇත.