07th December 2023 19:06:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සීගේ උපදෙස් මත එම බලකායේ නිලධාරීන් සඳහා ‘science of life’ තේමාව ඔස්සේ ‘Diners’ Club’ වැඩමුළුවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින පවත්වන ලදී.
වැඩමුළුවෙහි ආරාධිත දේශනය සඳහා පැමිණි මහාචාර්ය මොහොමඩ් මහීස් මහතා යුද්ධ හමුදා නිලධාරීන්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් “Life Challenges and Balance Personality” යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වූ අතර, එහිදී එතුමන් ජීවිතයේ යථාර්ථයන්, අභියෝගවලට මුහුණදීම, ආකල්ප සහ ප්රවේශයන් සහ ධනාත්මක මානසික සමතුලිතතාවයේ වටිනාකම යනාදී කරුණු පිළිබඳව දැනුවත් කළ අතර, දේශනය සමාප්තියේ ප්‍රශ්නෝත්තර සැසියක් ද පවත්වන ලදී.
වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ රාජකාරියෙහි නියුතු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිත නිලධාරීන් සහභාගී වූහ.