04th December 2023 19:08:43 Hours
කාර්තුවකට වරක් පවත්වනු ලබන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරීන්ගේ පුහුණු දිනය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින එම බලකායේ සියලුම ඒකකයන් සහ මූලික වැඩපළවල සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම පුහුණු දිනයට සමගාමීව එදින උදෑසන පැවති ශාරීරික පුහුණු අභ්‍යාස පුහුණු වීම් සහ අසි සරඹ පුහුණුව සඳහා නිලධාරීන් සහභාගී වූහ. අනතුරුව, ඔරුගොඩවත්ත කොරියානු ටෙක් ආයතනයේ උපදේශක සමන් බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් ‘විදුලි මෝටර් රථ තාක්ෂණය’ පිළිබඳ ආරාධිත දේශනයක් පැවැත්වීය.
මෙම පුහුණු දින වැඩසටහනේදී, මේජර් එන්.ඩී.ජී.ටී. නානායක්කාර විසින් ‘වෘත්තීය ඉංජිනේරු සාමාජිකත්වය’ පිළිබඳ දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව, මේජර් කේ.පී.පී.සී. කරුණානායක විසින් එම නිලධාරින්ගේ වෘත්තීය ප්‍රගතියට මඟපෙන්වීම සඳහා ‘නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය’ මැයෙන් දේශනයක් පවත්වන ලදී.
එදින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථාන නිලධාරි නිවස්නයේදී පැවති ‘Diners Club’ වැඩසටහන අතරතුරදී ආචාර්ය ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් හරවත් දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් එස්.ඒ.එන්.ජේ. ආරියසේන, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී. කළුතරආරච්චි, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් පී.ඩී.එල්.ඒ.සී. සිරිසේන ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.