Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2023 22:00:08 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්, දියතලාව දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කරයි

අඛණ්ඩව පැවති වර්ෂාපතනය හේතුවෙන් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින දියතලාව දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය මාර්ගය වෙතට කඩා වැටී තිබූ පස් සහ ගල් ඉවත් කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

යුද්ධ හමුදා භටපිරිස් උදෑසන දුම්රිය මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වෙමින් කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම ස්ථානය වෙත ගොස් ලබාදුන් උපදෙස් මත භටපිරිස් කඩිනමින් එම පස් කන්ද ඉවත්කර දුම්රිය ගමනා ගමන කටයුතු නැවත යථා තත්ත්වයට පත්කරනු ලැබීය.