Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2023 22:06:49 Hours

593 පාබල බලසේනාවේ භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අක්‍ෂි සායනයක් සංවිධානය කරයි

68 පාබල සේනාංකයට අයත් 593 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අක්‍ෂි සායනයක් 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින සංවිධානය කරන ලදී.

අක්‍ෂි සායනය සඳහා සිවිල් වැසියන් 242 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී 27 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයන් සිදුකිරීමට භටපිරිස් සම්බන්ධීකරණයෙන් වවුනියාව ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නියමිත අතර, තවත් සිවිල් වැසියන් 188 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි ලබාදීමට ද නියමිතව ඇත.

නැවත පදිංචි කිරීම හා පුනරුදයට සහයවීමේ සංගමයේ ලේකම් වෛද්‍ය වී සවේස්වරන් මහතා, මාංචෝලෙයි රෝහලේ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය ෆාතිමා නිෂ්නා මහත්මිය සහ එම රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය අක්‍ෂි සායනය පැවැත්වීම සඳහා සිය සහයෝගය දැක්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ 593 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.වී.ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සිදුකරනු ලැබීය.