02nd December 2023 10:32:09 Hours
දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන සෙනෙගල් රාජ්‍යයේ විදේශීය කෙඩෙට් නිලධාරියෙකු ඇතුළු කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92, 92 බී සහ එස්සී 20 පාඨමාලාවන් හදාරනු ලබන කෙඩෙට් නිලධාරින් පිරිසක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී හමුවූහ.
අධිකාරියට පත්කිරීමට නියමිත එම කෙඩෙට් නිලධාරින් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හැකියාවන් වැඩිදියුණු කිරීම’ තේමාව ඔස්සේ සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අවසන් පර්යේෂණ ඉදිරිපත් කිරීමේ කොටසක් ලෙස විදේශ මෙහෙයුම් අධ්යක්ෂතුමන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.
මෙම සංචාරයට සමගාමීව, දැනට පවතින එක්සත් ජාතීන්ගේ සාමසාධක දූත මණ්ඩලයන්හි කාර්යභාරය පිළිබඳව කෙඩෙට් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා කෙටි වීඩියෝවක් ද ප්‍රදර්ශනය කරන ලදී. පසුව, කෙඩෙට් නිලධාරින් සහ සංචාරයේ නිරත මාණ්ඩලික නිලධාරීන් විසින් පර්යේෂණ මාතෘකාව පිළිබඳ ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබීය.
සංචාරය සමාප්තියේ, එම අධ්යක්ෂ මණ්ඩලයේ සියලු නිලධාරීන් වෙනුවෙන් විදේශීය මෙහෙයුම් අධ්යක්ෂතුමන් විසින් සියළුම කෙඩෙට් නිලධාරින්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සුබපැතුම් එක්කළේය.