Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 09:56:09 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සලසයි

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාලේ කොළණිය, රුහුණු දියගම, ලියංගස්තොට, බෝලියාර් වත්ත සහ බෝලාන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවගේ නිවාස ගංවතුරෙන් යටවීම හේතුවෙන් අවතැන් වූ සිවිල් වැසියන් 350 අධික පිරිසක් වෙනුවෙන් පසුගිය සඳුදා (නොවැම්බර් මස 27) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් සහන සැලසීමේ කටයුතු සිදුකරනු ලැබීය.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පිඑස්සී අයිජි ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව අවතැන් වූ වැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකිරීමෙන් අනතුරුව ගංවතුර තත්ත්වය පහව යන තෙක් ඔවුන් වෙත වියළි ආහාර සලාක සහ අනෙකුත් පහසුකම් ලබාදෙනු ලැබීය.