Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2023 10:23:04 Hours

‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක – 48’ සාර්ථකව අවසන්

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක – 48’ හි සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය නොවැම්බර් මස 21 දින අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සහභාගි විය.

මාසයක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 53 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සැරයන් බී.ජී.කේ.ආර්. බණ්ඩාර තේරීපත්විය.

මෙම අවස්ථාව සඳහා අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් එම්.කේ.ඒ.ඩී. චන්ද්‍රමාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.