Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2023 10:39:31 Hours

4 ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

4 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි බලඇණි පුහුණු පාඨමාලාව 2023 ඔක්තෝම්බර් මස 10 දින සිට 2023 නොවැම්බර් මස 23 දින දක්වා පම්පෙමඩු බළඇණි පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති අතර එම පාඨමාලාව සඳහා නිලධාරීන් 08 දෙනෙක් සහ සෙසුනිලයන් 292 දෙනෙකු සහභාගී වූහ.

සිතියම් කියවීම, ප්‍රතිත්‍රස්ත ක්‍රියාන්විත, අභ්‍යන්තර ආරක්‍ෂක පුහුණුව, නගරබද සටන්, ජීව වෙඩි තැබීම් සහ පිහිනුම් අංග පිළිබඳ දේශන හා ප්‍රායෝගික සැසි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය, සංඥා උපකරණ හඳුන්වාදීම, කාලතුවක්කු හඳුන්වාදීම හා 14 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවන් වලින් මෙම පාඨමාලා විෂය මාලාව සමන්විත විය.

බලඇණි පුහුණු පාඨමාලාව සමාප්තියේ 4 ගජබා රෙජිමේන්තු කණ්ඩායම විසින් ‘රිවිරැස මෙහෙයුම’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද සිදුකරනු ලැබීය.

පාඨමාලාවේ සමාප්ති දේශනය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් සිදුකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 54 හා 56 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, 561 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

පාඨමාලාවේ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී පහත නම් සඳහන් නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් සම්මාන සහ කුසලාන ප්‍රදානය කෙරිණි:

දක්‍ෂතම ශිෂ්‍යයා - මේජර් ආර්.එස්.එස්. රණවීර ආර්එස්පී

දක්‍ෂතම වෙඩික්කරු - පාබල සෙබළ ටී.කේ.එම්.ජී.ඩී.එම්. කුරේ

හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබළා - කෝප්‍රල් ඒ.පී.සී. අත්තනායක

හොඳම කණ්ඩායම - බී කණ්ඩායම

දක්‍ෂතම කණ්ඩය - බී කණ්ඩායමේ පළමු කණ්ඩය

දක්‍ෂතම අනුඛණ්ඩය - සී කණ්ඩායමේ 2 වන කණ්ඩයේ පළමු අනුඛණ්ඩය