23rd November 2023 16:00:07 Hours
9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම යුද අභ්‍යාසය සඳහා ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 123 දෙනෙක්, ඉන්දීය ගුවන් හමුදා භටපිරිස් 15 දෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් 05 දෙනෙකු සහභාගී විය.
මෙම යුද අභ්‍යාසයේදී ඉන්දියානු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම් දෙකෙහිම සාමාජිකයන් උදෑසන ශාරීරික පුහුණු/ යෝග වැඩසටහන්, සංග්‍රාමික බාධක ඉවත් කිරීම, නිරායුධ සටන්, ලිස්සා යාම/ රැපලිං, නිවාස පරික්‍ෂා කිරීමේ අභ්‍යාස, ආදර්ශ සාකච්ඡා සහ ඔවුන්ගේ අවසාන අභ්‍යාසය සඳහා වන දේශනවලින් සමන්විත දෛනික පුහුණු සැසිවලට භාජනය වේ.
‘අමන් රණසුරය’ නම් මෙම යුද අභ්‍යාසයේ අවසන් ප්‍රධාන අභ්‍යාසය නොවැම්බර් මස 28 දින කණ්ඩායම් දෙකෙහිම සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.