Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2023 08:48:21 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් වෙනුවෙන් දැනුවත් කිරීමේ දේශනයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ශරීරය විද්‍යාත්මකව ව්‍යායාමයට අනුවර්තනය කිරීම’ (Body Scientific Adaptation to Exercise) තේමාව ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන වැඩමුළුවේ දෙවන අදියර 2023 නොවැම්බර් මස 10 සිට 12 දින දක්වා යුද්ධ හමුදා ශාරීරික පුහුණු උපදේශකවරුන්ගේ දායකත්වයෙන් පැවැත්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩියු පිඑස්සි ගේ උපදෙස් හා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ගේ අධීක්‍ෂණය මත මෙම වැඩමුළුව ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩමුළුවේදී, ශාරීරික යෝග්‍යතාවය, ක්‍රීඩා සහ ව්‍යායාම සම්බන්ධව දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වූ දේශනයන් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු, 9 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් අයි.එම්.ජී.එන්. ජයතිලක, ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් ආර්.ඊ.ඩබ්ලිව්.එල්. දයාරත්න, ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා උපදේශක කෝප්‍රල් අයි.යූ.ඩබ්ලිව්. දිසානායක සහ කෝප්‍රල් ඊ.ජී.එස්. රණසිංහ ගෙන් සමන්විත දේශක මඩුල්ලක් විසින් පවත්වනු ලැබූහ.

මෙම වැඩමුළුවේ ආරම්භක දේශනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත සහ පුහුණු) ලුතිනන් කර්නල් කේ.ඒ.ඒ.කේ. කරුණාරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් සිදුකරන ලදී.

වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සේවයේ නියුතු භටපිරිස් 54 දෙනෙකු සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ශාරීරික අභ්‍යාස උපදේශකවරුන් පිරිසක් සහභාගී වූ අතර වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් පවත්වනු ලැබීය.