14th November 2023 13:12:43 Hours
අයහපත් කාලගුණය නිසා ඇතිවූ අධික සුළං තත්ත්වය සහ වර්ෂාපතනය හේතුවෙන් නොවැම්බර් මස 06 සහ 07 දෙදින තුල 141 පාබල බලසේනාවේ භටපිරිස් මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වඳුරව ප්‍රදේශයේ හානි වූ නිවාස 23 කට අධික ප්‍රමාණයක පදිංචිකරුවන්ට සහන සැලසීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරනු ලැබීය.
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී, 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ජී.බී කාරියවසම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් අනුව භටපිරිස් දැඩි ලෙස අපදාවට ලක්වූ නිවාසයන් පිළිසකර කිරීම සඳහා ප්‍රදේශයේ සිවිල් ජනතාවට සහාය ලබාදුන්හ.
අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වූ මාර්ග ගමනාගමනයට සුදුසු පරිදි පිළිසකර කරමින්, ටකරං සහ තාවකාලික ආවරණ භාවිතා කරමින් විනාශ වූ නිවාසවල වහලයන් පිළිසකර කරදීම මෙන්ම විපතටපත් වූවන් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යාම සඳහාද භටපිරිස් සිය සහයෝගය ලබා දුන්හ.
141 පාබල බලසේනාව, 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 8 ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් නිලධාරීන් ඇතුළු භටපිරිස් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහන සේවා කටයුතුවල නිරත වූහ.