Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th November 2023 11:56:20 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, භටපිරිස් සඳහා ‘හමුදා සාහිත්‍ය’ සහ ‘අභිමානවත් සොල්දාදුවා’ මැයෙන් දේශනයන් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් එස්.සී එදිරිසිංහ සහ මේජර් එම්.එච්.එම්.එස් බණ්ඩාර එල්එස්සී වෙත සිදුකරනු ලැබූ ආරාධනාවකට අනුව 4 කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී ‘හමුදා සාහිත්‍ය’ සහ ‘අභිමානවත් සොල්දාදුවා’ යන මැයෙන් දේශනයන් පසුගිය බදාදා (නොවැම්බර් මස 08) දින පැවැත්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති -බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ.ටී.පී ද සිල්වා ආර්එස්පී පීඑස්සී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසුනිලයින් 90 දෙනෙකු මෙම දේශනයට සහභාගී වූහ.

දේශනයේ පළමු අදියරේදී මේජර් එම්.එච්.එම්.එස් බණ්ඩාර එල්එස්සී විසින් ‘අභිමානවත් සොල්දාදුවා’ යන මැයෙන් දේශණයක් පවත්වමින් යුද්ධ හමුදාවේ නිවාඩු නොමැතිව නොපැමිණෙන අය, මුදල් විශුද්ධිකරණය, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් සහ 'SWOT' විශ්ලේෂණය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළේය.

දේශනයේ දෙවන අදියරේදී ලුතිනන් කර්නල් එස්.සී එදිරිසිංහ විසින් යුද බිමේ මතකයන් සිහිකරමින්, එම සිදුවීම් සහ මානූෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ කැපකිරීම් ගෙනහැර දක්වමින් දේශනයක් පැවිත්වීය. එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හමුදා සාහිත්‍ය එක් කරමින් මෙරට පැවති මානූෂීය මෙහෙයුමේ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් විවිධ කෘතින් සම්පාදනය කර ඇත.

දේශනය සඳහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන, සහකාර කර්නල් සමබන්ධීකරන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.