Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2023 22:25:29 Hours

4 ගැමුණු හේවා බලකායේ භටපිරිස්, බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරයි

4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පසුගියදා පූනානි, බළඇණි පුහුණු පාසලේදී සිය බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද අතර, එහි සමාප්ති උත්සවය පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්වීය.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් සමාප්ති දේශනය සිදු කරන ලදී. අනතුරුව එතුමන් පාඨමාලාවේ ජයග්‍රාහකයින් සඳහා හිමි ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 232 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 23 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.

පාඨමාලාවේ කැපී පෙනෙන දක්‍ෂතා පහත පරිදි වේ:

හොඳම කණ්ඩායම - චාලි කණ්ඩායම

හොඳම කණ්ඩායම් සහයෝගීතාවය - බ්‍රාවෝ කණ්ඩායම

සෑම අතින්ම අතිශූර සිසුවා - සැරයන් එම්. ආර් කැළුම් චන්දන

දක්‍ෂතම වෙඩික්කරු - කෝප්‍රල් පී. එම් වීරක්කොඩි

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.එම් දිසානායක