07th November 2023 05:31:38 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සඳහා දින 02 ක වැඩමුළුවක් නොවැම්බර් මස 02 සහ 03 යන දිනයන්හිදී පවත්වනු ලැබීය.
වැඩමුළුවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිවිල් පරිපාලනය, පරිපාලනය සහ භඨකාර්ය සම්පාදන කටයුතු සඳහා හමුදා සහාය, අණදෙන නිලධාරීන්ගේ වගකීම් සහ මානව සම්පත් කළමනාකරණය, සමාජ ආරවුල්/මත්ද්‍රව්‍ය භාවිතය, සෙබළුන් සඳහා සාමාන්‍ය උපදේශනය සහ සෙබළුන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පවතින සුබසාධන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරන ලදී. එහිදී ‘Diners Club’ වැඩමුළුවක්ද පැවති අතර, ඒ සඳහා ආරාධිත දේශකයා වශයෙන් පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා විසින් ‘ශ්‍රී ලංකා පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට හමුදා සහාය’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩමුළුව පවත්වනු ලැබූ අතර, ඒ සඳහා අණදෙන නිළධාරීන්, දෙවන අණදෙන නිළධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් 50 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සිඩීඑස් පීඑස්සි ගේ උපදෙස් මත මෙම පාඨමාලාවේ පළමු අදියර පසුගිය ජූලි මාසයේදී පවත්වනු ලැබීය.