Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2023 05:39:00 Hours

තේවිපුරම් දමිළ මිශ්‍ර පාසලේ සිංහල භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කරයි

68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත සහ බ්‍රිගේඩියර් එච්.වී.ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ තේවිපුරම්, දමිළ මිශ්‍ර පාසලේ ළමුන්ගේ සිංහල භාශා දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් එම විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ සහ ගුරුවරුභවතුන්ගේ ඉල්ලීමකට අනුව ‘සිංහල භාෂා ඉගැන්වීමේ’ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය.

පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 02) දින ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම පැවැත්වෙන අතර, දමිළ භාෂාව පිළිබඳ දැනුම ඇති නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් මෙම අධ්‍යාපන වැඩසටහන මෙහෙයවනු ලබයි.

වැඩසටහනේ ආරම්භක අවස්ථාවට මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදේශක කේ. රගු උදයකුමාර් සහ ප්‍රවීණ සිංහල ගුරුවරයකු වන පී. මදසාමි යන මහත්වරුන් සහභාගී වූහ