04th November 2023 22:43:36 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් බලසේනා සහ ඒකයන්හි සෝදිසි සහ මුදවා ගැනීමේ කණ්ඩායම් නියෝජනය කරමින් සෙසු නිලයින් 30 දෙනෙකු සඳහා විශේෂ මූලික මෝටර් බෝට්ටු හැසිරවීමේ පුහුණු පාඨමාලාවක් 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහාය ඇතිව ඔක්තෝම්බර් මස 23 සිට දින සිට 31 දින දක්වා පවත්වන ලදී.
22 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත මෙම පාඨමාලාව ආරම්භ කරනු ලැබූ අතර, පාඨමාලාව මගින් මෝටර් බෝට්ටු ක්‍රියාත්මක කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික දැනුම, ඇතිවන දෝෂ නිවැරදි කිරීම සහ ඕනෑම තත්ත්වයකදී විශේෂයෙන් ගංවතුර වැනි අවස්ථාවන්හිදී බෝට්ටු ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුම ලබාදෙනු ලැබීය.
සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.කේ.එස් පැරකුම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 01) දින පැවැත්විණි. එම අවස්ථාවට 22 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූ අතර, පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල ආර්.එම්.එස් පුෂ්ප කුමාර හිමිකර ගත්හ.