Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2023 20:47:34 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන - නැගෙනහිර භටපිරිස් රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර, 20 වන සංවත්සරට සමගාමීව භටපිරිස් මූලිකත්වයෙන් සහ පොළොන්නරුව රුධිර බැංකුවේ සහයෝගය ඇතිව රුධිරය දන්දීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 02) දින එම මූලස්ථානයේදී පවත්වන ලද අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 100 දෙනෙකු සහභාගී වූහ.

රුධිරය දන්දීමේ වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී වීය. පොළොන්නරුව රෝහලේ වෛද්‍ය කණ්ඩායමේ සහයෝගය මේ සඳහා ලැබුණු අතර, යුද්ධ හමුදාවේ දායකත්වය ඔවුන් විසින් අගය කරන ලදී.