Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2023 20:49:46 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලාව - අංක 102 සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලාව - අංක 102 හි විසිර යාමේ පෙළපාලිය ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 27) දින එම පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර, සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.

මාස තුනක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසු නිලයින් 57දෙනෙකු සහභාගී වූහ. 22 ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එස්.එම්.එස් දිසානායක පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය දිනාගත්තේය.

උත්සව අවස්ථාවට අම්පාර සටන් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එම්.ඩබ්ලිව්.එච්.ජී පිටවල ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.